ඔහු ඔබට ඇත්තටම ආදරේ කරන බව පෙන්වන ශරීර ලක්ෂණ 15ක්.

By Wayomi Aug 21, 2022 11:33 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ආදරය විඳින අය වගේම විඳවන අයත් ගොඩක් ඉන්නවා. ඒ හැමදේටම මුල නිවැරදී තෝරා ගැනීමක් නොමැති වූ විටයි. දැන් ගොඩක්ම සම්බන්ධතා පටන් ගන්නේ සමාජය මාධ්‍ය සහ තාක්ෂණය හරහා. ඒ නිසා මිනිසුන්ගේ සැබෑ හැඟීම් කියවීමට වගේම එම හැඟීම් ප්‍රකාශ කිරීමට ඇති හැකියාව නැති වෙනවා. හැබැයි ඔබට පුළුවන් ශරීරයෙන් පෙන්නන එක සංඥා මඟින් අපිව ආශ්‍රය කරන අය මොනවා වගේ හැඟීමකින්, සිතුවිල්ලකින් ද අපි ළඟම රැඳෙන්නේ කියලා හඳුනාගන්න. විශේෂයෙන්ම පෙම්වතුන්.

පෙම්වතාගේ ශරීර භාෂාවේ ලක්ෂණ කිහිපයක්. 


?‍❤️‍? ඇහි බැම එසවීම

❤️ ඔහු ඔබව දකින හැම විටම ඔහුගේ ඇහිබැම ඔසවනවා නම් ඒකෙන් කියවෙන්නේ ඔහු ඔබව කැමති බවයි. ඔහු ඔබෙන් දකින ඇසෙන හැමදේටම වඩාත් පුළුල් ලෙස ඇස් අරින නිසා එහි ප්‍රතිඵලයක් විදිහට ඔහුගේ ඇහි බැමත් ඉහළ ‍යනවා.


?‍❤️‍? තෙත් අත්

❤️ තද දෑත් කියන්නෙ ඔහුට උණුසුම් බවක් දැනෙන බවට හෝ ඔබ අවට ඉන්නකොට ඔහු නොසන්සුන් වන බවට ලකුණක් වෙන්න පුලුවන්. ඔහු වැරදි පියවරක් අරගෙන හැමදේම විනාශ කිරීමට හෝ ඔබව බිය ගන්වන කිසිම දෙයක් කරන්නත් බයයි.


?‍❤️‍? ඔබේ පැත්තට නැඹුරු වීම

❤️ මේක පැහැදිලි සලකුණක් විය වගේම එමගින් ගොඩක් දේවල් කියවෙනවා. ඔබ ඝෝෂාකාරී හෝ ජනාකීර්ණ බාර් එකක කාලය ගත කරනකොට මේ තත්වය වෙනස් වෙනස් වෙනවා. හැබැයි ඔහුට ඔබ කියන දේවල් හොඳින්ම ඇහුණත්, ඔබ කතා කරනකොට ඔහු ඔබේ පැත්තට නැඹුරු වෙනවා නම්, ඒකෙන් කියන්නෙ ඔහු ඔබ කියන දේවල් වචනයක් නෑර අහගෙන ඉන්න කැමතියි කියලයි.


?‍❤️‍? ඔබේ අත්ල තද කිරීම

❤️ ඔහු ඔබේ අත්ල තද කරන කරනවා නම්, එයින් කියවෙන්නෙ ඔහුට ඔබත් එක්ක තවත් සම්බන්ධ වීමට අභ්‍යන්තරවම ආශාවක් තියන බවයි. ඔහු ඔබේ ඇඟිලි ඔහුගේ ඇඟිලි අතර පටලගැනීමේ තේරුමත් මේකමයි.


?‍❤️‍? කකුල් ඈත් කරගෙන සිටීම

❤️ මේ ඉරියව සමහර විට නරක පුරුද්දක් විදිහට පෙනුණත්, තවත් සමහර වෙලාවක ඒක විශ්වාසයේ සලකුණක් වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් වාඩි වී සිටීමෙන්, ඔහු ඔබට තියන ඔහුගේ විශ්වාසය පෙන්නුම් කරනවා.


?‍❤️‍? ගැඹුරු හුස්ම ගැනීම

❤️ ඔහු ඔබව දකින හැම විටම ගැඹුරු හුස්මක් ගන්නවාද? මේකට හේතුව තමයි ඔහුට වැඩිපුර ඔක්සිජන් ලබා ගැනීමේ අවශ්‍යතාවය විතරක්ම නෙවෙයි, ඒකෙන් ඔහුගේ පපුව විශාල කර ඉණ කුඩා කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔහු දැනටමත් ඔබට කැමති නිසා යටි සිතින් ආකර්ෂණීය වීමට උත්සාහ කරනවා.


?‍❤️‍? ඇස් දිහා බැලීම

❤️ ඔබ වෙනත් කට්ටියක් එක්ක කතා කරමින් ඉන්න ගමන් ඔහු දිහා බැලුවම, ඔහු ඔබ දිහා බලාගෙන ඉන්නවා ඔබට දකින්න ලැබුණොත්, ඒක ඔහු ඔබ ගැන උනන්දුවක් දක්වන බවට සලකුණක්. නිර්භීත පිරිමි ළමයින් දිගු ඇස් සම්බන්ධතා තබා ගැනීමට ලැජ්ජ වෙන්නෙ නෑ.


?‍❤️‍? ඔහුගේ ගෙල ස්පර්ශ කිරීම ( ඔහු ඔහුගේම ගෙල පිටුපස අතින් පිරි මැදීම)

❤️ මේක ඔයා ලඟ ඉන්නකොට ඔහු කලබල වන බවට තවත් ලකුණක්. ගොඩක් අය තමන්ට චකිතයක් දැනෙනකොට මෙහෙම කරනවා.


?‍❤️‍? අව්‍යාජ සිනහව

❤️ පිරිමින් එයාලා කැමති පුද්ගලයෙක් එක්ක කාලය ගත කරනකොට එයාලගෙ හිනාව අව්‍යාජයි. එයාලගෙ ඉදිරි දත් පෙන්වීමට අමතරව, ඇස් දිලිසෙන සහ නළලේ රැලි වගේ සලකුණු ඔබට ඔහු කැමති බව පෙන්නුම් කරන හොඳ ලක්ෂණයි.


?‍❤️‍? ඔහුගේ කටහඬ වෙනස් වීම

❤️ ඔහු ඔබට කතා කරන කොට ඔහුගේ හඬේ ස්වරය මිහිරි, මෘදු එකකට වෙනස් වෙනවා නම්, ඔහු ඇත්තටම ඔබට ආදරය කරනවා.


?‍❤️‍? ඔබ ලඟින් ඇවිදීම

❤️ ඔබට වඩා පියවර 2ක් ඉදිරියෙන් ඇවිදීමෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ඔහු ඔබේ පෞරුෂයට වඩා ඔහුගේම පෞරුෂය ගැන උනන්දු වන බවයි. ඔබේ ලඟින් ඇවිදීමෙන් ඔබේ පෞරුෂය මෙන්ම දෙන්නා අතර සන්නිවේදනය ගැනත් ඔහු දක්වන උනන්දුව පෙන්නුම් කරනවා. ඔහු ඔබේ පිටිපස්සෙන් ගමන් කරන්නේ, සෙනග වැඩි හෝ අනතුරුදායක ස්ථානයක් හරහා ගමන් කරන විටයි.


?‍❤️‍? ඔබේ දේවල්වලට ගෞරවාන්විතව සැලකීම

❤️ ඔහු ඔබේ දේවල්වලට සලකන විදිහ ගැන අවධානය යොමු කරන්න. ඔහු ඔබේ කෝට් එක විසි කරනවාද නැත්නම් ඔබේ අතටම දෙනවද? ඔහු ඔබේ භාණ්ඩවලට දෙන ගෞරවයේ ප්‍රමාණය ඔහු ඔබ කෙරෙහි දක්වන ගෞරවයේ ප්‍රමාණය පෙන්නුම් කරනවා.


?‍❤️‍? හදිසි ස්පර්ශයන්

❤️ ඔහු අහම්බෙන් සහ නොසැලකිලිමත් ලෙස ඔබව ස්පර්ශ කරනවා නම්, හෝ ඔහු ඉඳහිට මේසය යටින් ඔබේ කකුලට ගහනවා වගේ පිස්සු වැඩ කරනවා නම් ඒකෙනුත් කියවෙන්නෙ ඔහු ඇත්තටම ඔබට කැමති බවයි. ඔහුට ඔබ ගැන උණුසුම් හැඟීමක් තියන බවයි.


?‍❤️‍? ෆෝන් එක ගන්නෙ නෑ

❤️ ඔබ ලඟ ඉන්න වෙලාවට ඔහු ෆෝන් එක අතට ගන්නෙ නැත්නම්, ෆෝන් එකට වෙන අයගෙන් එන කෝල් මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නැත්නම්, එයින් පෙන්නුම් කරන්නෙ ඔහු තුල ඔබට තිබෙන ගෞරවය සහ ඔහු ඔබ කෙරෙහි දක්වන උනන්දුවයි.


?‍❤️‍? තොල් ඈත් කිරීම

❤️ ඔහු ඔබව දකිනකොට ඔහුගේ සම්පූර්ණ මුහුණේ ඉරියව් වෙනස් වන බව ඔබ දැනටමත් දැකලා ඇති. ඒත් ඔබට තාමත් ඒක සැකයි නම්, ඔහුගේ තොල් පරීක්ෂා කරන්න. ඔහු ඔබව දැක්කම තොල් දෙක තරමක් ඈත් කරගන්නවා නම්, එයින් කියවෙන්නෙ ඔහුට ඔබ ගැන ආදරණීය හැඟීමක් ඇති බවයි.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW