අවාසනාවන්ත ලෙස දුම්රියට බිලි වූ 14 හැවිරිදි පාසල් සිසුවා..

Sri Lanka Police Sri Lanka Police Investigation Sri Lanka Railways Sri Lankan Schools
By Gagana Feb 12, 2024 05:22 AM GMT
Report

14 හැවිරිදි පාසල් සිසුවා අවාසනාවන්ත ලෙස දුම්රියට බිලිවෙයි  ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ දුම්රියකට පැන සිසුවෙක් සියදිවි හානි කරගැනීමේ අවාසනාවන්ත පුවතක් ඊයේ (11) වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක මොල්ලිපතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය පවසන්නේ මෙම සිසුවා තඹලගමුව දුම්රිය ස්ථානය අසලදී දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් තඹලගමුවව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.