ජනපති ලේකම්ගෙන් සියලු පක්ෂ වෙත විශේෂ නිවේදනයක්..!
ජනාධිපති ලේකම්වරයා විසින්, සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය යෝජනා සහ අදහස් අගෝස්තු 15 හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස සියලුම පක්ෂ නායකයින්ට දැනුම් දී තිබෙනවා.
පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ,ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳ සර්වපාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූවා
ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම පිණිස මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබු බවයි වාර්තා වෙන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම ස්ථාවරය බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පැවසූවේ.