13 ගැන විශේෂ සර්ව පාක්ෂික හමුවක්
අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ප්‍රකාශ කළේ,13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සර්වපාක්ෂික හමුවක් කැඳවීමට නියමිත බවයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළින් සියලු පළාත්වලට ස්වයං පාලනයක් ලැබෙන බව අවධාරණය කරගත යුතු බවයි.
NDTV මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉන්දීය නිල සංචාරයට එක් වූ ජල සම්පත් හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මේ බව සඳහන් කර තිබෙනවා.
අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, ආර්ථික අර්බුදය, කොවිඩ් වසංගතය සහ තවත් බොහෝ ගැටලු ඔස්සේ ශ්‍රී ලංකාව මේ වන විට නිවැරදි මාර්ගයට පැමිණ ඇති බවයි.
ඉන්දු – ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් වන ස්ථිර විසඳුමක් සඳහා කටයුතු කරන බවද ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.