හොල්මන් මන්දිරේ ඇතුළෙත් අඹු සැමියන් දෙපළක් ගුටි කෙළියක.. 12ක් පොලීසියට යන්න වුණ ඒක ඇතුළෙ වෙලා තියෙන්නෙ හරි අමුතු දෙයක්..
කාන්තාවක් සිය අනියම් පෙම්වතා සමග නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් නැරඹීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි මිනීපෙට්ටියේ මෘතදේහය ලෙස සිටි විවාහක සැමියා ඇයව හඳුනා ගෙන ඇත.
ඒ මොහොතේ එම ස්ථානයේ ගැටුමක් ඇති වී තිබෙනවා.
එම අවස්ථාවේ දී සැමියා විසින් අදාළ 21 හැවිරිදි බිරිඳට පහරදීමට තැත්කර ඇති අතර එහිදී ඇති වූ ගැටුමේ දී පුද්ගලයන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය අද (24) නියෝග කෙරිණ.
මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 24 අතර වයසේ පසුවූ පිරිසක් ය.
අදාළ විවාහක යුවළ කලක සිට වෙන්ව ජීවත්ව ඇති අතර නීත්‍යානුකූලව වෙන්වී නොමැත.
කෙසේ වෙතත්, පහර දීමට සම්බන්ධ දෙපාර්ශ්වයේම පුද්ගලයන් හය දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව වාර්තා වේ.
 
                 
                 
                                             
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    