ඉඩමක් සී සාන අවස්ථාවකදී කවුරුත් බිය වද්දමින් පොළවෙන් මතුවූ දේ

Sri Lanka Army Jaffna Sri Lanka
By Sewvandhi Oct 16, 2022 01:12 PM GMT
Report

යාපනය මාණිප්පායි පොලිස් වසමේ නවාලි ප්‍රදේශයේදී නැවත පදිංචි වූ වැසියෙකු වසින් සිය ඉඩම සීසාමින් සිටියදී වලදමා තිබූ අත්බෝම්බ 111 ක් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඉඩම් හිමියා විසින් කෘෂිකාර්මික කටයුත්තක් සඳහා අදාල ඉඩම සීසාමින් සිටියදී පොළව යට තිබූ පොහොර උරයක් මතුවී ඇති අතර පසුව එහි තිබී අත්බෝම්බයක් මතුවීමෙන් ඒ පිළිබඳව මාණිප්පායි පොලීසියට දැනුම් දී තිබුණි.

අනතුරුව මාණිප්පායි පොලීසිය විසින් යාපනය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව අදාල ස්තානයේ කැනීම් කටයුතු යාපනය පොලිස් විශේෂ කාර්යබලකායට ලබාදෙන ලදි.

අනතුරුව එහි පොලිස් විශේෂකාර්ය බලකාය විසින් ඊයේ (15) දින සිදුකරන ලද කැනීම් වලදී වලදමා තිබූ විදෙස් රටක නිශ්පාදිත අත්බෝම්බ 11 ක් තිබී සොයාගෙන ඇති අතර ඒවා දැඩි ලෙසින් දිරාපත්වී තිබුණු බවටද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

යුද සමයේදී කොටි ත්‍රස්ත සාමාජිකයින් විසින් මෙම අත්බෝම්බ තොගය අදාල ස්ථානයේ වලදමන්නට ඇතැයි සැක පලකරන අතරම අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now