11 හැවිරිදි ගැහැණු ළමයෙක් ආන්දෝලනාත්මක ලෙස මිය යයි.. සැක සහිත සිදුවීමේ කතාව
එකොළොස් හැවිරිදි දැරියක් අද උදෑසන හදිසියේම මියගොස් ඇති බවට සිදුවීමක් UH RO Srilanka සංවිධානය වාර්ථා කර තිබේ.
ඒ අනුව එම සිදුවීම පිළිබද පැහැදිලි තොරතුරක් නොමැති අතර සිදුවීම පිළිබද පරස්පර තොරතුරු කිහිපයක් වාර්ථා වී ඇති බව එම සංවිධානය පවසයි. එම සංවිධානය තබා තිබූ ෆේස්බුක් සටහන පහතින්,
උපුටා ගැනීම
වයස අවු 11 ක ගැහැණු ළමයෙකු අද උදෑසන හදීසියෙ මිය ගොස් ඇති අතර මේ වනතුරු නිසි / පැහැදිලි හේතුවක් කිසිවෙකු නොදන්නා බව කියැවේ. මෙය තිස්සමහාරාම, ( රන්මිණිතැන්න - ගල් ආර )නරේන්ද්‍ර මෝදී ගම්මානයේ 43 ග්‍රාම සේවක වසමේ සිදුවීමක් වන අතර මෙම ගැහැණු ළමයා ඊයේ (2022.01.14) තවත් ළමයින් කිහිප දෙනෙකු සමග සෙල්ලම් කරමින් සිටිනවා දැක ඇති බවද කියැවේ
. බඩේ අමාරුවක් සෑදී , රෝහලට ගෙන නොගිය අතර ගොඩ වෙද කම් කරන ලදැයි වරෙක කියැවෙන අතර , සර්පයෙක් දෂ්ඨ කර ඇතැයි තවත් වරෙක කියැවේ. ගමේ කිසිවෙක් මේ අයව නොහඳුනන අතර , අද උදෑසන 7.30ට පමණ අසල්වැසියන්ට දැන්වූ බවත්, 7.45ට පමණ 1990 සුව සැරිය ආවා වුවද ළමයා මිය ගිහින් යැයි සුව සැරිය ළමයාව රෝහළට නොගෙනිච්ච බවත් ,
ඊට පසු ග්‍රාම නිළධාරියා එතැනට පැමිණි බවත් යම් නළු නිළියන් කණ්ඩායමක් ආ වාහනයකින් එම ළමයාව රෝහළට ගෙන ගිය බවත් කියැවේ. තිස්සමහාරාම පොලීසියේ ළමා හා කාන්තා අංශයද අද 0730 පැ පමණ සිදුවූ මරණය පිළිබඳව 1730 පැය වන තුරුත් නිසි තොරතුරක් නොදනී.
මේ ළමයා මිය යෑමට නිසි හේතු කවරේද ? යම් පුරවැසියෙක් යුතුකමක් මග හැර ඇත්ද (කළ යුතු දේ නොකර ) බේරා ගැනීමට හැකිව තිබූ ළමයෙක් මෙසේ මිය ගියාදැයි සෙවීම කාගෙත් වගකීම වන අතර අප විසින් මේ පිළිබඳව නිසි පරීක්ෂණ කරනා ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම් දී ඇත . CC/22/01/422 . අපි බලා සිටිමු. එක්සත් මානව හිමිකම් සන්විධානය 0705050606
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |