100% ක් සංතෘප්ත ඔක්සිජන් පමණක් එකදිගට ආශ්වාස කළොත් මොකද වෙන්නේ?

By Wayomi Aug 01, 2022 09:44 AM GMT
Report

වතුර කෑම නැතිව දවසක් හරි අපිට ජීවත් වෙන්න පුළුවන් වුණත් ඔක්සිජන් නැතුව විනාඩි 15ක් ඉන්න බැහැ නේද? වාහනයක් ඉන්ධන නැතුව ධාවනය කරන්න බෑ වගේ තමා ඔක්සිජන් නැතුව අපිට ජීවත් වෙන්න බැහැ.

ඔක්සිජන් අපගේ මාංශ පේශි හැකිලීමට, සෛල වැඩ කිරීමට, වර්ධනයට සහ ප්‍රතිජනනයට උපකාර කිරීමට, මොළය පෝෂණය කිරීමට, ස්නායු සන්සුන් කිරීමට, හෘදයේ ක්‍රියාකාරිත්වයට , රුධිර පොම්ප කිරීමට, විෂ ශරීරය පිරිසිදු කිරීමට, ආසාදන වලට එරෙහිව සටන් කිරීම සහ ප්‍රතිශක්තිය වැඩි කිරීම වගේ සිරුරේ සෑම කර්යයකටම නැතුවම බැරි දෙයක්.

හැබැයි, ඔබ දන්නවද?

? 100% ක් සංතෘප්ත ඔක්සිජන් පමණක් එකදිගට පැය 16ක් ආශ්වාස කිරීමෙන් මිය යන්න පුළුවන් බව. ඒ විදිහට ඔබ ආශ්වාස කරනවා නම් යළි සැකසිය නොහැකි ලෙස පෙනහළු දැඩි ආබාධයට ලක් වෙනවා.

? මිනිස් සිරුර නිර්මාණය වී තිබෙන්නේ, පෙනහළු වලින් ලබාගන්නා ඔක්සිජන්,රුධිරයේ ඇති හිමොග්ලොබින් අණු සමඟ මුසු වී සිරුර පුරා රැගෙන යාමටයි.

? ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර අපි ඔක්සිජන් ආශ්වාස කරනවා නම්,රුධිරයට ඒවා සිරුර පුරා රැගෙන යාම අපහසු වෙනවා.

? ඉතින් මේ හේතුවෙන්, පෙනහළු තුළ ඔක්සිජන් වැඩි වී ඒවා අකර්මණ්‍ය කරනවා.ඊට පස්සේ ඇස් පෙනීමද ක්‍රමයෙන් අඩු වී යන අතර ටිකෙන් ටික ඔබව මරණයට පත් කරනවා.