තත්ත්ත්ව පරීක්ෂාව අසමත් වූ ඉන්දියාවෙන් ගෙනා ඖෂධ ගැන විශේෂ හෙළිදරව්වක්. (VIDEO)
Keheliya Rambukwella
Sri Lanka
Hospitals in Sri Lanka
India
Death
By Wayomi
ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධ 600කින් ලියාපදිංචි කළ ඖෂධ 02ක තත්ත්ත්ව පරීක්ෂාව අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව කොළඹ අක්ෂි රෝහලේදී ප්‍රශ්නගත වූ ඖෂධයේ බැක්ටීරියා අන්තර්ගත වී ඇති බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අද (19) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.
"තත්ත්ව පරීක්ෂාව අසමත්වූ ඖෂධ අපේ සමහර ගබඩාවල අවුරුදු ගණන් ඉඳන් තිබෙනවා. මේක අමුතු දෙයක් නෙමෙයි. ඇස් රෝහලේ සංකූලතාවය විතරයි අපි හරියටම හඳුනාගෙන තියෙන්නේ. ඒ බෙහෙතේ බැක්ටීරියා තිබුණා කියන එක. ඒ සම්බන්ධයෙන් අපි දැන් ඉදිරි කටයුතු කරනවා. අනෙක් බෙහෙත් සියල්ලම අපි තාවකාලිකව තමයි නතර කරලා තියෙන්නේ. ඒ පරීක්ෂණ නිමාවෙන තුරු."