රට පුරා පොහොර ගොවීන්ට වවුචර් දෙන්න යයි..
රජය විසින් මෙවර මහ කන්නය සඳහා (2022/2023) ගොවීන්ට ලබාදෙන යූරියා ඇතුළු පොහොර තොග නැවෙන් ගොඩ බාන අවස්ථාවේ සිට ගොවියාට බෙදන අවස්ථාව දක්වා රුපියල් මිලියන 6000කට අධික මුදලක් වැය කිරීමට සිදු වී ඇතැයි අනාවරණය වනවා.
ප්‍රවාහන ගාස්තු, කම්කරු කුලී ඇතුළු විවිධ වියදම් සඳහා මෙම මුදල දැරීමට සිදු වී ඇති බවයි පැවසෙන්නේ.
මේ හේතුව මත ලබන වසරේ (2023) යල කන්නයේ සිට රජයෙන් පොහොර බෙදා නොහැර ගොවීන්ටම පොහොර මිලදී ගත හැකි පරිදි වවුචර් පතක් හෝ මුදල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.
ප්‍රවාහනය සඳහා වැයවන විශාල මුදලට තවත් මුදලක් රජයෙන් එකතු කර ගොවීන්ටම පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළා.
ලබන වසරේ (2023) යල කන්නය ආරම්භයේදීම මඩ පොහොර සහ රටවල්වලින් නොමිලේ ලැබෙන පොහොර ගොවීන්ට ලබාදෙන බවද ඇමැතිවරයා පවසයි.
පොහොර තොග බෙදාහැරීම සඳහා රජය ටෙන්ඩර් කැඳවුවත්, අඩු ලංසු ඉදිරිපත් කරමින් එම ටෙන්ඩරය ඇතැම් විට ගන්නේ සමාගම් දෙක තුනක් විසින් බවද ඇමැතිවරයා පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |