ලාබාල තරුණියක් තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට.. (PHOTOS)

Prime minister Thailand
By Sithumini Aug 16, 2024 08:29 AM GMT
Report

තායිලන්ත අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය සඳහා 37හැවිරිදි තරුණියක් පත්ව තිබෙනවා.

ඇය පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රායි. 

 ඇය පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත්වී තිබුණු අතර ප්‍රකෝටිපතියෙකු වන හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණියයි පේටොංටාර්න් ෂිනවත්‍රා, නීති සම්පාදකයින්ගේ ප්‍රමාණවත් සහයෝගය ලබා ගැනීමෙන් පසු තායිලන්තයේ මීළඟ අගමැති ලෙස අනුමත කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

37 හැවිරිදි Paetongtarn රට මෙහෙයවන ලාබාලතම අගමැතිවරිය ලෙස වාර්තා අතරට එක්වනවා.

ඇයගේ පත්වීම සිදු වූයේ හිටපු අගමැතිනි ශ්‍රෙත්තා තවසීන් නෙරපා හරින ලද අධිකරණ තීන්දුවෙන් පසුව පැවති පැය 24 ක සාකච්ඡා වලින් පසුවයි. 

 එමෙන්ම ඇය ගෙවුණු දශක දෙකක කාලය තුළ දී ෂිනවත් පරම්පරාවෙන් තායිලන්ත අගමැති ධුරයට පත් සිව්වන දේශපාලනඥයා වශයෙන්ද සැලකෙනවා.

GalleryGalleryGallery