න්‍යෂ්ටික ප්‍රහාරයක් ගැන රුසියාවටත් යුක්‍රේනයටත් හදිසි අනතුරු ඇඟවීම්
රුසියාවේ සහ යුක්‍රේනයේ හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා භාවිත කරන ජංගම දුරකථන යෙදවුම් කිහිපයක් සයිබර් ප්‍රහාරවලට ලක්වීම හේතුවෙන් දෙරටේම පරිශීලකයන් වෙත ව්‍යාජ අනතුරු ඇඟවීම් නිකුත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිදුවීම මුලින්ම යුක්‍රේනයෙන් වාර්තා වී ඇති අතර, එහිදී කියෙව් අගනුවරට කෙටි කාලයක් තුළ විකිරණ අවදානමක් ඇති විය හැකි බවට ව්‍යාජ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඉන් පැය කිහිපයකට පසුව රුසියානු බලධාරීන්ද එරට හදිසි දැනුම්දීම් ලබාදෙන ජංගම යෙදවුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව තහවුරු කර ඇත.
එහිදී යුක්‍රේන ඔත්තු බැලීමේ කණ්ඩායමක් විසින් රුසියාව තුළ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ අනතුරු ඇඟවීම් යොමු කර ඇති බවට රුසියානු බලධාරීන් චෝදනා කර තිබේ.
කෙසේ වෙතත්, මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් රුසියාවේ පුළුල් මහජන අනතුරු ඇඟවීමේ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව එරට හදිසි අවස්ථා අමාත්‍යාංශය සඳහන් කරයි.
සයිරන් නාද, ශබ්ද විකාශන යන්ත්‍ර, කෙටි පණිවුඩ මෙන්ම රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රධාන මහජන අනතුරු ඇඟවීමේ පද්ධතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද එම අමාත්‍යාංශය අවධාරණය කර තිබේ. මේ අතර, සයිබර් ප්‍රහාරයට ලක්වූ ජංගම යෙදවුමේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය යළි ස්ථාපිත කිරීම සඳහා විශේෂඥ කණ්ඩායම් මේ වන විට කටයුතු කරමින් සිටින බවද රුසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.