මියගිය දැරියක් රෝහලට ඇතුළත් කළ පලාගිය තරුණයෝ..

Gampaha Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 11, 2022 12:17 PM GMT
Report

 15 හැවිරිදි දැරියක් රෝහලට ඇතුළත් කර වෛද්‍යවරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි කී විට ඇතුළත් කළ තරුණයන් දෙදෙනා පලාගිය පුවතක් ගම්පහ රෝහලින් වාර්තා වනවා 

මෙම තරුණයන් දෙදෙනා මෝටර් රථයකින් දැරියව රෝහලට රැගෙනවිත් ඇති අතර දැරිය සිහිසුන්ව සිටි බැවින් ඇය වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරගෙන තිබෙනවා. එහි දී වෛද්‍යවරයෙකු විසින් දැරිය පරික්ෂා කර ඇති බවත් ඒ වන විටත් දැරිය මිය ගොස් ඇති බවත් වෛද්‍යවරයා පවසා තිබෙනවා.

මේ අවස්ථාවේදී ඉතා රහසිගත ලෙස එම දැරිය රැගෙන විත් සිටි තරුණයන් දෙදෙනා රෝහලෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

දැරියව රෝහලට රැගෙන ආ තරුණයන් දෙදෙනා පැමිණි මෝටර් රථය සහ එම තරුණයින් දෙදෙනා හඳුනා ගැනීම සඳහා පොලිසිය රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීම් සිදුකරන බවයි රෝහල් පොලීසිය පවසන්නේ.

මියගොස් ඇති දැරිය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පවසන පොලිසිය එම දැරිය කවුරුන් ද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now