දෑත් ගැටගසා, මුඛය ප්ලාස්ටර් වලින් අලවා හමු වූ තරුණ මළ සිරුරේ අනන්‍යතාව හඳුනා ගැනේ

Sri Lanka Police Sri Lanka Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Jun 20, 2022 02:36 PM GMT
Report

මුඛය ප්ලාස්ටර්වලින් ආවරණය කර, දෑත් ලණුවකින් ගැටගසා, ඝාතනය කර දමාගොස් තිබියදී සොයාගත් පුද්ගලයාගේ අන්‍යතාවය මේ වන විට හෙළිවී තිබෙනවා.

ඔහු මොරටුව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැළක කළමණාකරුවෙකු ලෙස සේවය කරන මාතර - පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

පපු ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබූ මොහුගේ සිරුර ඊයේ රාත්‍රීයේ සොයාගනු ලැබුවේ මොරටුව - මොරටුමුල්ල සෝභිත විද්‍යාල මාවතේ තිබිය දීයි.

මොහු සේවය නිමාවීමෙන් පසු ත්‍රී රෝද රථ රැකියාවේ නිරතවී ඇති බව සඳහන්. ඔහුගේ ත්‍රී රෝද රථයද අද උදෑසන පිළියන්ඳළ - කරදියාන ප්‍රදේශයේ තිබියදී පොලිසිය සොයාගනු ලැබුවා. 

කරවුරුන් හෝ කිසියම් පිරිසක් විසින් ඔහුව ඝාතනය කර සිරුර මොරටුමුල්ල ප්‍රදේශයට ගෙනැවිත් දමන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now