එක් දිනක් තුළ වෙඩි උණ්ඩවලට බිලි වූ තරුණ ජීවිත. - (VIDEO)
අම්බලන්ගොඩ හා පිටිගල යන ප්රදේශවල ඊයේ (12) රාත්රියේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
ඊයේ රාත්රී 8.35ට පමණ අම්බලන්ගොඩ, ගලගොඩ, වෙලපාරේ පිහිටි වෙළෙඳසැලක් අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු T 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා.
එහිදී පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි ප්රහාරයෙන් මියගොස් ඇත්තේ, හලඹ උදේශ් මධුරංග නොහොත් 'පොඩි මැන්ඩිස්' නැමැත්තෙක් හා දඩල්ලගේ සිතුම් අංජන නොහොත් 'සුදූ' නැමැත්තෙක්.
ඉන් තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ප්රතිකාර ලබන්නේ චතුර මදුශංක නොහොත් 'ලොකු චතුර', පත්තිනි වසම් අකිල සහ සංගමගේ චම්පික තුෂාර නැමැත්තෙක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.
මේ අතර ඊයේ රාත්රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩිකරුවන් දෙදෙනෙකු පිටිගල, ගුරුවල ප්රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිටදී ද වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව කාන්තාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි ප්රහාරයනේ එම ස්ථානයේදීම කරන්දෙණියේ පදිංචිකරුවකු වන සසිත් මධුෂංක නම් 31 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර රෝහල්ගත කළ පිරිස අතර සිටි 26 හැවිරිදි කවිෂ්ක අංජන නමැත්තාද අද අලුයම මියගොස් ඇති බව ආරංචි මර් සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.