යෝෂිතගේ නාවික හමුදා වැටුප ගැන අධිකරණයේදී හෙළි වූ දේ මෙන්න
By R.rishma
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාලසීමාව තුළ වැටුප් වශයෙන් රුපියල් 5,150,626ක මුදලක් ගෙවා ඇති බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (15) විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු හෙළි විය.
එහිදී සාක්ෂි ලබාදුන් නාවික හමුදා නිලධාරියෙකු අධිකරණය හමුවේ ප්රකාශ කළේ, යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාලය තුළ ඔහුට වැටුප් ලෙස රුපියල් පනස් එක් ලක්ෂ පනස් දහස් හයසිය විසි හයක මුදලක් ගෙවා ඇති බවයි.
කෙසේ වෙතත්, එම මුදලට අදාළ දීමනා ඇතුළත් නොවන බව ද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය අතරතුර මෙම සාක්ෂි අනාවරණය වී තිබේ.