වහාම ක්‍රියාත්මක වන පරිදි විභාගයක් අත්හිටුවයි..!

Ministry of Education Department of Examinations Sri Lanka Western Province Education
By Sewvandhi Mar 02, 2024 02:51 PM GMT
Report

බස්නාහිර පළාතේ පාසල් වල රජයේ වාර පරීක්ෂණ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

තවත් ගණිතය සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර දෙකක් පිටවීම නිසා මෙම තීරණය ගත් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එනම්, (29) රාත්‍රියේ, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින්  (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තොරතුරු වාර්තා වුණා.

මීට පෙරද මේ, සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

කෙසේවෙතත් තොරතුරු වාර්තා වන්නේ, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 ශ්‍රේණියේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සහ 11 ශ්‍රේණියට අදාළ විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය 29 රාත්‍රී 7ත් 8ත් අතර කාලයේදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවටයි.