ඉදිරියට නෙරා එන කරදරකාරී බඩට විසදුම් මෙන්න..

By Sewvandhi Jun 14, 2023 06:31 PM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report

බඩ ඉදිරියට නෙරා ඒම තමයි මේ දිනවල බොහෝදෙනෙකුට තිබෙන ගැටළුව. එම ගැටළුවට හේතුව වෙලා තිබෙන්නේ පාලනයක් තොරව ගන්නා ආහාර හා ව්‍යයාම නැතිකමයි.

අප ගන්නා ආහාර අධික මේදවලින් යුක්තනම් එම මේදය අපේ ශරීරයේ තැන්පත්වෙලා තරබාරු බවට පත්වෙනවා. බඩ ඉදිරියට නෙරා එනවිට තමයි මෙම ප්‍රශ්ණය පිළිබඳව ඕනෑම කෙනෙකු කලබල වන්නේ.

ඉතින් ඔබ කල යුත්තේ නිකරුනේ කලබල වී අධික ලෙස වියදම් කරමින් නිෂ්ඵලදායක දේවල් සඳහා යොමු නොවී ව්‍යයාමත් සමඟ ආහාර පාලනය කිරිමයි. ඒ වගේම අන්තර්ජාලයේ ඇති අනවශ්‍යය මේදය දහනය කිරීමට කල හැකි ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් කියවේ.

 අවශ්‍ය ද්‍රව්‍ය..

කපා ගත් අන්නාසි අඬු කෝප්පයක්

දෙහි ගෙඩි එකක්

කුඩා ඉඟුරු කැබැල්ලක් .

මිංචි කොළ කීපයක්

වතුර කෝප්ප 2ක්

මේ සියල්ලම බ්ලෙන්ඩර් කරලා පානයක් විදියට හදා ගෙන දිනපතා රාත්‍රී පානය කරන්න පුළුවන් නම් ආහාර රුචිය පාලනය වෙන නිසා නිතර නිතර අහාර ගැනීම පාලනය වෙනවා.

ඒ වගේම ග්‍රීන් ටී වලට මේදය අඩු කිරි වර්ගයක් එකතු කරලා පානය කරන්න. මාස දෙකක පමණ කාලයක් කිරීම ප්‍රමාණවත්. ඒ මඟිනුත් ආහාර රුචිය පාලනය කිරීමක් සිදු වෙනවා වගේම ඔයාගේ නිරෝගී බවටත් උදවු වෙනවා.

උණු කර ගත ජලය කෝප්ප 1ක්

කුඩු කර ගත් සූදුරු මේස හැඳි 1ක්

දෙහි ලෙලි දෙකක් වියලා ලබා ගත කුඩු

කුරුඳු කුඩු මේස හැඳි භාගයක්

මී පැණි මේස හැන්දක්

උණු වතුර කෝප්ප එකකට

මේ කියපු දේවල් ඔක්කොම එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා දිනකට එක් වතාවක් පානය කරන්න. මේ මඟිනුත් ඔයාට උදරයේ ඇති අනවශ්‍ය මේදය දහනය කට ගන්න පුළුවන්. මේ හැම දෙකටම වඩා වැදගත් වෙන්නේ නිවැරදි ආහාර රටාවකට හුරු වෙන එක.

ඒ වගේම ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි සිරුරට ව්‍යායාමයක් ලබෙන ක්‍රියා වල නිරත වෙන්න. ක්‍රමානුකුලව ව්‍යායාම වල නිරත වෙන්න. වැඩි වතුර බොන්න.