ප්‍රකට පුද්ගලයෙකුට සමාජ මාධ්‍යය තහනමක්..!

China
By Sewvandhi Jun 27, 2023 11:44 AM GMT
Sewvandhi

Sewvandhi

in චීනය
Report

රටේ ආර්ථික අවපාතය සංසන්දනය කරමින් රට පුරා කතිකාවක් නිර්මාණය කළ ප්‍රකට චීන මූල්‍ය මාධ්‍යවේදියකුට සමාජ මාධ්‍ය තහනම් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ව්‍යාපාර මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු වන මිලියන 4.7කට වඩා අනුගාමිකයින් සිටින Wu Xiaobo ගේ Weibo ගිණුම අදාළ නීති සහ රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් දැනට තහනම් කර ඇති බවයි.

මේ අතර, Weibo යෙදුමේ අන්තර්ගත පරිපාලකයින් පවසන්නේ සුරැකුම්පත් වෙළඳපොලේ සංවර්ධනයට එරෙහිව මඩ පැතිරීම සහ විරැකියා අනුපාතය ඉහළ යාම ගැන වාර්තා පළකළ පරිශීලකයින් තිදෙනෙකු මේ වන විට Weibo යෙදුම තුළ අවහිර කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, Wu ගේ Weibo පිටුවෙන් 2022 අප්‍රේල් මාසයේ සිට පළ කරන ලද සියලුම අන්තර්ගතයන් ඉවත් කර ඇති බවයි.