සිතියමක් නිසා ලෝක බලවතුන් හැප්පෙයි?

China World
By Wayomi Sep 06, 2023 07:48 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

චීනය සම්බන්ධයෙන් ආසියානු කලාපීය රටවල් කිහිපයක් මේවනවිට සිටින්නේ ඒ තරම් යහපත් ආකල්පයක නෙමෙයි.

ඒකට ප්‍රධාන හේතුව තමයි චීනය ඉකුත් දා නිකුත් කළ මතභේදාත්මක සිතියම.

ඒ හරහා චීනය සිය දේශසීමා ආසන්න භූමි හා මුහුදු කලාපවලට අයිතිය කියා පා ඇති බවටයි ආසියානු රටවල් කිහිපයක්ම චෝදනා කළේ.

එම රටවල් අතර ඉන්දියාව, පිලිපීනය සහ මැලේසියාව ප්‍රමුඛයි.

මේ අතර අදාළ මතභේදාත්මක සිතියම හරහා චීනය සිය සමීපතම මිතුරා වන රුසියාවට ද අතපොවා ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය පවසනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ චීනය සිය මතභේදාත්මක සිතියමේ Bolshoi Ussursky නමැති දූපතක් සිය භූමියක් ලෙස ප්‍රදර්ශනය කර ඇති බවයි.

එම දූපත රුසියාවට අයත් දූපතක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීනයේ මෙම ක්‍රියාකලාපය දෙරට අතර ආතතීන්ට හේතුවක් විය හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.