ජපන් හා ලංකා ගිවිසුමක්..! මෙරට තාක්ෂණික ආධුනිකයින්ට ජපානයෙන් විශේෂ රැකියා අවස්ථාවක්...

Japan Gagana news Sri Lanka Technical Apprentices Minister of Labor Cooperation Agreement
By Subodha Mar 29, 2022 06:17 AM GMT
Report

ජපානයේ එහිමි ප්‍රාන්තයේ කෘෂිකාර්මික, ආහාර සැකසුම් ඇතුළු අනෙකුත් රැකියා ක්ෂේත්‍රයන්හි සහ විශේෂයෙන් ,අ එම ප්‍රදේශයේ ප්‍රචලිත වී ඇති සිට්‍රස් වගා ක්ෂේත්‍රයෙහි පවතින රැකියාවන්වල යෙදීම සඳහා ශ්‍රී ලංකා තාක්ෂණික ආධුනිකයින්ට අවස්ථාව ලබාදීමට එකී ප්‍රාන්තය විසින් යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.

අදාළ යෝජනාවට ඉදිරි පියවර ගැනීම වෙනුවෙන් 2021 වසරේ ජූලි 26 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ රැස්වීමේදී අනුමැතිය හිමිවුණා.

ඒ අනුව විශේෂ නිපුණතා සහිත ශ්‍රී ලාංකිකයින් සඳහා අදාළ රැකියා සහ පුහුණු අවස්ථා සලසා ගැනීමේ අරමුණින් විදේශ රකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විව්ධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ජපානයේ එහිමි ප්‍රාන්තය අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අද (29) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now