ලෝක වෙළෙඳපොළ කැළඹෙයි - රන් මිල එකවරම පහළට
මැදපෙරදිග සාම සාකච්ඡා සම්බන්ධයෙන් ආයෝජකයින්ගේ විශ්වාසය අඩුවීමත්, කලාපීය ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාමත් සමඟ ලෝක උද්ධමනය නැවතත් ඉහළ යා හැකි බවට පවතින බිය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ක්ෂණික රන් මිල ඊයේ (29) දිනයේදී සියයට 0.9කින් පමණ පහළ ගොස් ඇති බව වාර්තා වේ.
වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා ඉහළ යාම හමුවේ ආයෝජකයින්ගේ හැසිරීම් වෙනස්වීම මෙම මිල පහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

ඒ අනුව අද(30) දින මෙරට,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 369,970ක් සහ එහි විකුණුම් මිල රුපියල් 398,980ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 338,875ක් සහ එහි විකුණුම් මිල රුපියල් 365,464ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 323,730ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,150ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 277,490ක් සහ එහි විකුණුම් මිල රුපියල් 299,285ක් ලෙස දැක්වේ.