ලෝක බැංකුවෙන් ලංකාවට සුභ ආරංචියක්..රට ගොඩදාන්න පෙරට එයි..

Sri Lanka Sri Lanka Cabinet World Bank Economy of Sri Lanka
By Aruna Jun 27, 2023 05:46 AM GMT
Report

අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා සහ ලෝක බැංකුව අතර එකඟතාවයකට එළැඹීමට නියමිතව තිබෙනවා.

එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 මුදලක් ලැබෙයි. අදාළ අරමුදල් ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩල එකඟතාවය හිමිවී ඇති බවද වාර්තා වේ.

පසුගිය මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමෙන් අනතුරුව මෙරටට ලැබුණු විශාලතම මුල්‍ය සහාය මෙය වන බවයි පැවසෙන්නේ.

පසුගිය සතියේ දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, ලෝක බැංකුව මඟින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට අනුමත කර ඇති බවයි.

ඒ අනුව ඉතිරි ඩොලර් මිලියන 200 සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා ලබාදෙතැයි අපේක්ෂා කෙරේ.