ලෝක බැංකුවේ සිදු වූ අලුත් වෙනස..
World Bank
By krishani
ලෝක බැංකුවේ පාලක මණ්ඩලය විසින් නව සභාපතිවරයෙක් තෝරාපත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ හිටපු මාස්ටර් කාඩ් විධායක නිලධාරී ඉන්දියානු සම්භවයක් ඇති අජේ බංගා වන අතර එම පත් කිරිම වසර 05ක ධුර කාලයක් සඳහා ය.
ඔහු මෑතක දී ජෙනරල් අත්ලාන්තික් හි උප සභාපති ලෙස කටයුතු කර තිබෙන අතර ඔහු සේවකයින් 24,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින ගෝලීය සංවිධානයක් වන Mastercard හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද සේවය කර ඇත.
අජේ බංගා ලෝක බැංකුවේ 14 වැනි සභාපතිවරයා ලෙස මෙලෙස තේරී පත් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |