සර්කස් සංදර්ශනයක් අතරතුර අනතුරකින් කාන්තාවකට සිදුවූ අවාසනාවන්ත ඉරණම..

By Sithumi Apr 18, 2023 01:00 PM GMT
Report

චීන සර්කස් ශිල්පිනියක් සංදර්ශනයක් අතරතුර උස් ස්ථානයකින් ඇද වැටී මියගොස් තිබෙනවා.

මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී තිබෙන්නේ "සන්" නමැති කාන්තාව සිය සැමියා සමඟ එම ඉදිරිපත් කිරීම සිදු කරමින් සිටියදීයි. 

 ශිල්පිනිය සර්කස් සංදර්ශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී ආරක්ෂක මෙවලම් කිසිවක් භාවිත කරතිබී නැහැ.

අනතුරින් පසු වහාම රෝහල්ගත කළත්, ඇයගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් සමත්වී නොතිබුණා.