කාන්තා වැසිකිළියට ගිය උපාධිධාරී තරුණයෙක් හොර රහසේ කළ වැඩේ මාට්ටු වෙයි..

India World Prison
By Aruna Aug 18, 2023 08:09 AM GMT
Report

කේරළයේ කොචි හි ජනප්‍රිය සාප්පු සංකීර්ණයක කාන්තා වැසිකිළියකට බුර්කාවකින් සැරසී ඇතුළු වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙම පුද්ගලයා කාන්තා වැසිකිළියට ඇතුළු වී ජංගම දුරකථනයක් හොර රහසේ ඒ තුළ රඳවා එහි දර්ශන පටිගතවීමට සලස්වා ඇති බවයි.

පසුගිය බදාදා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙකු බවයි වාර්තා වන්නේ.

මොහු අභිමන්යු නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ ආයතනයක සේවය කරන අයෙකු බව කේරළ පොලිසිය ප්‍රකාශ කළා.

සාප්පු සංකීර්ණයේ ඇති කාන්තා වැසිකිළිය තුළ ජංගම දුරකථනය රහසිගතව තබා ඉන් එළියට පැමිණ ඇති සැකකරු වැසිකිළියේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහුගේ සැක කටයුතු හැසිරීම හේතුවෙන් වෙළෙඳ සංකීර්ණයේ ආරක්‍ෂක නිලධාරීන් සැකකරු සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබේ.

අනතුරුව පොලිසිය එම ස්‌ථානයට පැමිණ සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී මෙලෙස බුර්කාවකින් සැරසී සිටින්නේ පිරිමි පුද්ගලයෙකු බවට අනාවරණය කර ගැනීමට හැකිව ඇත.

ඉන් පසුවයි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔහු විසින් කාන්තා වැසිකිළිය තුළ සැඟ වූ ජංගම දුරකථනය පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසන්නේ.

මෙම සැකකරු මීට පෙර වෙනත් ස්ථානවල මෙවැනි ක්‍රියා සිදුකර ඇත්දැයි පිළිබඳව සොයා බැලීමට පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.