6දෙනෙකුට මරු කැදවූ රුසියානු දේශසීමා ආසන්නයේ සිදුවූ ප්‍රහාරය...
Vladimir Putin
Russo-Ukrainian War
World War II
By Sithumini
මේ වන විට ලෝකයේම අවදානය යොමු වෙලා තිබෙන ප්‍රබල යුද්ධයක් ලෙස රුසියානු දේශසීමා යුද්ධය හදුන්වන්න පුලුවන්.
එවැනි පසුබිමක රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයක මහල් 12ක නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 59 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ඉතා කණගාටුදායක ලෙස යුක්‍රේනයේ ද කාර්කිව් නගරයේ ක්‍රීඩා පිටියකට එල්ල වූ රුසියානු බෝම්බ ප්‍රහාරයකින් 14 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වනවා.
මෙහිදි යුක්‍රේන ජනපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ රුසියානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉඩ සලසන ලෙසයි.
මෙම යුක්‍රේන රුසියානු යුද්ධය මත විශාල වශයෙන් ලෝකය තුළ සාමයට හානි පැමිණෙන අර්බුද ගණනාවක් සිදුවන අයුරු පෙනීයනවා.