Windows 10 වෙත ලබාදුන් කාලය අවසන් වෙයි?.. Microsoft ආයතනය ගත් තීරණය..

Windows 10 Windows OS Microsoft
By krishani May 26, 2023 04:50 AM GMT
Report

Windows 11 වෙතට පිවිසෙමු.

ඔබ Windows 11 වෙතට පැමිනීම සදහා ඇති හේතූන් බොහොමයක් කරන්නට Microsoft ආයතනය හැම අතින්ම කටයුතු කරමින් සිටී.

අප දැනටමත් දන්නා පරිදි Wndows10 සදහා එම ආයතනය ලබාදෙන නිළ සහය කාලය අවසන් කරන්නට ද මේ වන විට දින නියමව අවසන් ය.

ඉන් පසුව තවදුරටත් Windows 10 අනාරක්ෂිත වන්නේ ආරක්ෂක පිලිසකර පවා ලැබීම අවසන් වන බැවිනි.

Windows 11 මඳ සෙමින් භාවිතට පිවිසෙමින් ඇති මෙහෙයුම් පද්ධතියක් වන අතර එහි වන දෘශ්‍ය වෙනස් කම් මෙන්ම ක්‍රියාකාරී වෙනස්කම් රාශියකි.

සාම්ප්‍රධායීක Windows වලින් මිදී වඩාත් ප්‍රායෝගික හා ආකර්ෂනීය බවක් ගෙනෙන්නට ඔවුන් සමත්ව ඇති බව බොහෝ විචාරකයින්ගේ මතයයි.

Windows 10 නිළ සංස්කරණයක් භාවිත කරමින් සිටින්නෙකුට Windows 11 සදහා නොමිළේ පිවිසෙන්නට ආරම්භයේ දීම Microsoft ආයතනය අවස්ථාව දෙන ලදී.

නමුත් ලොව පුරා බොහෝ භාවිතාකරන්නන් හට ගැටලුවක් වූයේ නව පිවිසීම සදහා ඉල්ලා සිටි පරිගණකයේ දෘඩාංග මට්ටමින් පැමිණ තිබිය යුතු TPM 2.0 හැකියාව නොතිබීමය.

බොහෝ නවීන පරිගණක වල මෙම හැකියාව පැමින සංක්‍රියව තිබීමේ දී ගැටලුවකින් තොරව Windows 11 වෙතට පිවිසෙන්නට හැකි වූ අතර තවත් සමහර පරිගණක සදහා එය සංක්‍රියව නොතිබීම බාධාවක් ව තිබිනි.

මෙම ගැටලුවේ දී අදාල නිෂ්පාදන සමාගම ලබා දෙන උපදෙස් පත්‍රීකාවේ මේ සදහා උපදෙස් ඇති අතර ඒ අනූව කටයුතු කිරීමෙන් පහසුවෙන් නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීම සරලව කරගන්නට හැකි වනු ඇත.

අවසානයේ පැරණි පරිගණක භාවිතාකරන්නන් සදහා එම බාධකය වලංගුව පවතින අතර Microsoft සමාගම නව මෙහෙයුම් පද්ධතිය සදහා ලබා දෙන වගකීමෙන් තොරව ඒ වෙතට පිවිසෙන්නට නෙක ක්‍රම අන්තර්ජාලය මතට පැමින තිබිනි.

කෙසේවෙතත්, මෙම TPM 2.0 යනු පරිගණකය දෘඩාංග මට්ටමින් ‍රැගෙන විත් ඇති එහි ක්‍රියාකාරීත්වයට හා දත්ත ගොනු වල ආරක්ෂාව සදහා බලපාන අංගයක් බව අමතක නොකල යුතුය.

Pubudu Siriwansa


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join