හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් නිකුත් කෙරේ..
Sri Lanka Police
Parliament of Sri Lanka
Wimal Weerawansa
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
By Aruna
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19), හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා.
අනතුරුව එම නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල්තැබීමට නියම කෙරුණා.