විමල් වීරවංශ මහතාට අද අධිකරණය දුන් නියෝගය..

Wimal Weerawansa Sri Lanka
By krishani Sep 13, 2022 09:05 AM GMT
Report

වෛද්‍ය වාර්තාවක් සමඟ ලබන 26 වන දා අනිවාර්යයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොළඹ මහාධිකරණය අද (13) නොතීසි නිකුත් කළේ ය.

ඒ ඔහු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල වසර 5ක කාලය තුල වැටුපෙන් සහ දීමනාවලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදලක් සහ දේපලවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේ අසනීප තත්ත්වය හේතුවෙන් තම සේවාදායකයා අද අධිකරණය හමුවේ පෙනී නොසිටින බවයි.

ඒ අනුව ඊට අදාළ වෛද්‍ය වාර්තාවත් සමග පූර්ණ නඩු විභාගය ආරම්භ වන ලබන 26 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නොතීසි නිකුත් කරනු ලැබුවේ ය.