විමල්ට මැයි 30 වෙනිදා කරන්න යන දේ..තවත් මන්ත්‍රීවරු 03ක් ගෑවෙයි..මෛත්‍රී පිලේ ප්‍රබලයෙකුත් ඒ අතර(VIDEO) .

Wimal weerawansa Jayantha samaraweera Mohamad musammil Piyasi wijenayaka Rijer senewirathne
By Aruna Mar 07, 2022 07:00 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය මැයි මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම නඩුව අද (07) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ නඩුවේ විභාගය මැයි මස 30 වනදා කැඳවීමට නියම කළේය.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අවවාද කරනු ලැබීය.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගවල උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනා කොට විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මගින් එම නඩුව ගොණුකර තිබේ.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස විමල් වීරවංශ, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනා සහ, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න යන අය නම් කර තිබේ.

විමල් වීරවංශ මහතා සිදුකල විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now