ඉදිරියේදී කොළඹ නගරය අඳුරු වන ලකුණු.

Colombo Ceylon Electricity Board
By Wayomi Nov 21, 2022 06:07 AM GMT
Report

ඉදිරියේදී කොළඹ නගරයේ සියලුම විදී ලාම්පු සහ මාර්ග සංඥා පුවරුවල විදුලි සැපයුම විසන්ධි වීමේ අවදානමක් ඇති බවට ලංකා විදුලි බලමණ්ඩලය අනතුරු අඟවනවා.

ඒ, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විදුලි බිල ගෙවීම පැහැර හැරීම හේතුවෙන්.

ලංකා විදුලි බලමණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ, මාස පහකට ආසන්න කාලයක් තිස්සේ මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 15 ක බිලක් ගෙවා නොමැති බවයි.

විදුලි බල මණ්ඩලය විසින් මෙම මුදල ගෙවන ලෙස අවස්ථා ගණනාවකදීම සංවර්ධන අධිකාරියට දන්වා තිබෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම අධිකාරිය යටතේ ගිණුම් 15 කට ආසන්න ගණනක් ඇති අතර මාසිකව මෙම සියලුම ගිණුම්වල එකතුව ලෙස රුපියල් මිලියන 03 ක විදුලි බිලක් පැමිණෙන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW