"..ලංකාවට ලබා දෙන ආර්ථික ආධාර අත්හිටුවන්න.." රනිල් ජපානයෙන් ඉල්ලයි - රනිල් සම්බන්ධ 2007 ලියවිල්ලක් විකිලීක්ස් හදිසියේම එළියට දායි..!
2007 වසරේ ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන රජය අතර පැවති සංවාදයකට අදාළ ලේඛනයක් විකිලීක්ස් විසින් ප්‍රකාශයට පත් කර ඇත.
පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයකින් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී පැය කිහිපයකට පසු මෙම ලේඛනය ප්‍රසිද්ධියට පත් කර තිබේ.
විකිලීක්ස් විසින් බෙදාගත් ලේඛනයට අනුව, 2007 දී විපක්ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට ලබා දෙන ආර්ථික ආධාර අත්හිටුවන ලෙස ජපානයෙන් ඉල්ලා සිටියේය.
"ඔවුන්ගේ නායකයින් විසින් සිදු කරන ලද කොමිස් සහ අතපසුවීම් සඳහා" ශ්‍රී ලාංකික ජනතාවට දඬුවම් නොකළ යුතු බවට ජපානය ප්‍රතිචාර දක්වා ඇති බව එම ලේඛනය වැඩිදුරටත් අනාවරණය කරයි.
සම්පූර්ණ විකිලීක්ස් ලේඛනය:
https://mobile.twitter.com/wikileaks/status/1550722376966410240?t=rZM76CCPcIn6TvqgtJwjQQ&s=19
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
