අධිකරණ ඇමැති සිදුකළ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව..!

Dr Wijeyadasa Rajapakshe Sri Lanka
By Sewvandhi Dec 05, 2022 08:45 AM GMT
Report

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (5) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, අත්අඩංගුවට ගන්නා හෙරොයින් බොහෝ අවස්ථාවල "පාන් පිටි" බවට පත්වන බවයි.

ඔහු පැවසුවේ එම මත්ද්‍රව්‍ය වෙළෙඳපොළට නැවතත් පැමිණ ජනතාව අතට පත්වන ප්‍රවණතාවයක් ඇති බවය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරින් බොහෝවිට මත්ද්‍රව්‍ය වැටලීම් කර සොයාගත් මත්ද්‍රව්‍ය නැවතත් ඔවුන් විසින්ම ජනතාව අතරට යවන තත්ත්වයක් ඇති බවය. එවැනි වැරදි කළ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ බවත් ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now