සියලු විද්‍යාපීඨ සිසුන්ට අලුත් ආධාර ක්‍රමයක්..පාසල් සිසුන්ටත් සුබ ආරංචියක්..
සිසුන්ට රු 5000ට අමතරව රු 10000ක ණය මුදලක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණු සිසුන් සඳහා නව ණය ආධාර ක්‍රමයක් හදුන්වාදීමට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ මඟින් උසස් පෙළ සමතුන් සඳහා අවුරුදු දෙකක ආයතනික පුහුණුවක් ද එක් අවුරුද්දක සීමාවාසික පුහුණුවක් ද වශයෙන් ගුරු පුහුණුවක් මේ වන විටත් ලබා දුන්නද එම කාලය තුළ නේවාසික පහසුකම් හා ගමනාගමන පහසුකම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මඟින් සිසුන්ට සපයන්නේ නැත.
දැනට ශිෂ්‍යයන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මඟින් සපයන රුපියල් 5,000ක මුදල ප්‍රමාණවත් නොවන නිසා එම මුදලට අමතරව රුපියල් 10,000ක මූල්‍යමය ප්රතිපාදනයක් සහන පොලී පදනම මත රාජ්‍ය බැංකුවක් මඟින් ලබා ගැනීමට හැකි වන පරිදි මෙම ණය යෝජනාව ක්‍රියාත්මක වීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්යේ අනුමැතිය හිමිව තිබේ.
මේ අතර පාසල් නිල ඇඳුම් චීනයෙන් නිල ඇදුම් දෙනවා වෙනුවට වෙනත් ක්‍රමයක් 2023 වර්ෂයට සඳහා වන පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් කොටසක් ලබා දීමට චීන රජය එකඟ වී තිබේ.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අනුව ඔවුන් ඒ සඳහා එකඟවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට නියමිත බවත් 2022 වසර නිමවීමට පෙර එම රෙදි පාසල් ළමුන්ට ලබාදීමට සැලසුම්කරණ බවත් අමාත්‍යවරයා පැවසීය.
තවද, 2024 වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබා දෙනවා වෙනුවට නිල ඇඳුම් මිල දී ගැනීම සඳහා වව්චර් පත්‍රයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |