Windows Expired වෙන්නේ ඇයි?

Windows 10 Windows OS
By Wayomi May 08, 2022 03:55 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report
ඔයා Windows පරිගණකයක් පාවිච්චි කරන කෙනෙක් නම්, Windows Activation ගැන දැනටමත් දන්නවා ඇති. පැරණි Windows සංස්කරණ වල එතරම් හුරුපුරුදු නොවුනත් Windows XP මෙහෙයුම් පද්ධතියේ සිට නවතම Windows 10 සහ Windows 11 මෙහෙයුම් පද්ධති දක්වාම version අලුත් වෙලා තියෙන්නේ. 

මේ විදිහට Windows use කරද්දී හිටිගමන් "Your Windows License Will Expire Soon" කියන Error Message එක එනවා. එහෙමත් නැත්නම් machine එක on කළාම " Windows not genuine" කියලා වැටෙනවා. ඊට අමතරව desktop එකට ඔයාගේ photo එකක් දාලා තියෙනවා නම් අළුපාට screen එකක් පෙන්නවා. සමහරු නම් මේ ගැන නොදන්නවා වෙන්නත් පුළුවන්. දන්නවා වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නේ ඔයාගේ machin එකට දාලා තියෙන Windows එක නිත්‍යානුකුල නොවන blacklist එකේ තියෙන එකක් නිසයි.  

සමහර machine ගද්දිම Windows එක්කම ගන්න පුළුවන්. ඒත් සමහරු communication වලින් machin වලට වෙනම Windows update කරගන්නවා. හැබැයි communication එකෙන් කිවුවොත් ඔයා මේක update කරන්න එපා අපි computer එකේ update off කරලා තියෙන්නේ කියලා, 

ඒකට හේතුව Windows දාලා දුන්නට නිවැරදිම license key එක නෙවෙයි update කරලා තියෙන්නේ. එහෙම වුණාම එක හොර copy එකක් කියලා microsoft එකෙන් reject කරනවා.  

තව communication එකකින් කියන්න පුළුවන් ඔයාගේ version එක license version කරලා, genuine version කරලා දෙන්නම් කියලා. ඕන update එකක් කරන්න පුළුවන්, ඕන වැඩක් කරන්න පුළුවන් කියලා. මේ දේවල් ඔහොම කරන්නේ software එකක් හරහා. සාමාන්‍යයෙන් computer එකකට Windows දාන්න යන්නේ රුපියල් 2000ක් වගේ ගානක්. ඒත් දැන්නම් ගාන වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් microsoft website එකට ගිහින් genuine update එක download කරගන්න.