ජනතාවගේ බඩගින්නට කලින් ව්‍යවස්ථා සංශෝධන මොකටද? - මහින්දගෙන් සැර ප්‍රහාරයක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙර ආණ්ඩුව ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම අදහස විමසූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, එවැනි සංශෝධනයක් ගෙන ඒමට වඩා ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු වැදගත් කාර්යයන් රැසක් පවතින බවයි.
“මේ 22 වැනි සංශෝධනය ගේනවට වඩා ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් කරන්න වැඩ තියෙනවා. ඒවා කරලා ඉවර වෙලා ඕනෑ වගන්තියක් ගෙනාවට කමක් නැහැ”
යනුවෙන් ඔහු පැවසීය.
ආණ්ඩුව ප්‍රමුඛත්වය ලබාදිය යුතු ජනතා ගැටලු වෙනුවට අනවශ්‍ය කරුණු ඉදිරියට ගෙන එමින් සිටින බවටද මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කළේය.
ජනතාව වර්තමානයේ ආර්ථික හා ජීවනෝපාය සම්බන්ධ ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන් ඔහු, එම ගැටලු විසඳීමෙන් තොරව වෙනත් කරුණු සඳහා ප්‍රමුඛත්වය ලබාදීම ගැටලුකාරී තත්ත්වයක් බව සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.