CID ලොක්කා හදිසියේම ඉන්දියාවට යයි.!!

CID - Sri Lanka Police Easter Attack Sri Lanka
By Wayomi Apr 27, 2022 06:57 AM GMT
Report

පසුගිය 25 වෙනිදා රාත්‍රියේ හදිසියේම රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් තුවාන් සලේ ඉන්දියාට ගොස් ඇති බව වාර්තා වෙනවා. 

මාධ්‍ය අංශ සඳහන් කරන්නේ, ඔහුට අදාළ නිල රාජකාරිය කුමක් දැයි පැහැදිලි නොවන බවයි.

ඔහු මෙලෙස ඉන්දියාවට ගොස් ඇත්තේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක් පවතින සහ සාරා ජස්මින් (පුලස්ථිනී) සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් නැවත පවත්වමින් තිබෙන පසුබිමකයි.

එමෙන්ම මේ වන විට හිටපු රාජ්‍ය බුද්ධි අංශ අධයක්ෂ නිලන්ත ජයවර්ධන කේන්ද්‍රගත කර ගනිමින් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනා ගොනු කරමින් පවතිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.
Join Now