අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන එකවරම ගත් තීරණය මෙන්න - අද සිට වහාම ක්‍රියාත්මකයි..

Sri Lanka Economic Crisis Sri Lanka Food Crisis Economy of Sri Lanka Latest Headlines
By krishani Jan 24, 2024 12:53 PM GMT
krishani

krishani

in ආහාර
Report

පාරිභෝගික අධිකාරිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන එකවරම ගත් තීරණය මෙන්න - අද සිට වහාම ක්‍රියාත්මකයි.. | Wholesale And Retail Prices Of Several Items

ඒ අද (24) සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල සතියකට දින තුනක් මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන බවයි.

ඒ අනුව පාරිභෝගික අධිකාරිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල අද සිට සදුඳා, අඟහරුවාදා සහ බදාදා දිනවල දී මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරනු ලබයි.

එම අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ වියළි මිරිස්, සුදු සීනි, හාල්මැස්සන්, ආනයනික ලොකු ළුෑනු සහ මයිසුර් පරිප්පුවල මිල එලෙස ප්‍රදර්ශනය කරන බවයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන එකවරම ගත් තීරණය මෙන්න - අද සිට වහාම ක්‍රියාත්මකයි.. | Wholesale And Retail Prices Of Several Items

මේ අතර, පාරිභෝගික ජනතාව චෝදනා කළේ පසුගිය 22 වැනිදා සිට බස්නාහිර පළාත තුළ බිත්තර බෙදා හැරීම ආරම්භ කරන බව ලංකා සතොස සභාපතිවරයා ප්‍රකාශ කළ ද බොහෝ ප්‍රදේශවලට බිත්තර ලැබී නොමැති බවයි.

අනිවාර්යයෙන් මේ දේ කළ යුතුයි.. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න.

අනිවාර්යයෙන් මේ දේ කළ යුතුයි.. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න.


ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ බිත්තර ලංකා සතොස හරහා පාරිභෝගිකයින්ට අලෙවි කෙරුණ ද පසුගිය දින කිහිපයේ සිට සතොස අලෙවිසැල්වල බිත්තර හිඟයක් මතුව තිබිණ.

එවන් පසුබිමක පසුගියදා වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ සතොස හරහා රුපියල් 35කට අලෙවි කළ ආනයනික බිත්තරයක් රුපියල් 43කට අලෙවි කිරීමටයි. 

පෞද්ගලික අංශයේ වැටුප ගැනත් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න..

පෞද්ගලික අංශයේ වැටුප ගැනත් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න..


කෙසේ වෙතත්, ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේ බස්නාහිර පළාත තුළ බිත්තර බෙදාහැරීම පෙරේදා සිට ආරම්භ කළ බවයි.

Sponsored By Sarrita Jewellery

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන එකවරම ගත් තීරණය මෙන්න - අද සිට වහාම ක්‍රියාත්මකයි.. | Wholesale And Retail Prices Of Several Items