කුඩු අල්ලන ටාගට් එකෙන් වැඩක් නෑ.. විස්සක් ඉන්න කාමරේ 300ක් - බන්ධනාගාර ගැන නාමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Namal Rajapaksa Latest Headlines Sinhala news Puwath.lk Colombo politics heat up
By R.rishma Oct 22, 2026 11:33 AM GMT
Report

අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් අහිංසක ජනතාවට එරෙහිව අසත්‍ය චෝදනා මත නඩු පැවරීම සහ විනිසුරුවරුන් ලබාදෙන තීන්දු නොසලකා හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිදුවන්නේ කුමක්දැයි තමන් බලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුව අමතමින් අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් ජනතාවට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් මෙන්ම අධිකරණය ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්ද වගවීමක් තිබිය යුතු බව අවධාරණය කළේය.

අධිකරණ තීන්දු නොසලකා හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අදාළව ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවද තමන් අවධානයෙන් පසුවන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"විශේෂයෙන්ම මේ විස මත්ද්‍රව්‍ය පාලනය මේ බොහෝ ආණ්ඩු හිතන් ඉන්නවා මේ විස මත්ද්‍රව්‍ය පාලනය කරන්න, නැත්නම් මේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න ආණ්ඩුවක් පත් වෙලා පොලිසියට ටාගට් එකක් දීලා කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් යථාර්ථය තමයි ටාගට් එකක් දීලා කරන්න බෑ. ඒ ක්‍රමය ෆේල්.

​මේ හැම ආණ්ඩුවක්ම උත්සාහ කරන්නේ දවසට තමන්ගේ ආණ්ඩුව තුළින් පොලිසිය අත්අඩංගුවට ගන්න ප්‍රමාණය වැඩි කරලා පෙන්නන්න. දැන් අපි දැක්කා පහුගිය දිනක ඊයේ දිනයේදී පොලිස්පතිවරයා එහෙම කරන්න ගිහිල්ලා අමාරුවේ වැටුණා. ඇයි? පොලිස්පතිවරයාත් තේරුම් ගන්න ඕනේ, ඔහු මේ මාලිමාවේවත්, ජේවීපී එකේවත් පොලිස්පතිවරයා නෙවෙයි.ඔහු ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන්නේ. ආණ්ඩුවට කඩේ යන්න ගිහිල්ලා අවසානයේ මොකක්ද වුණේ?

​පොලිස්පතිවරයාටත් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විස මත්ද්‍රව්‍ය පාලනය කරන්න ඕනේ. ඒකේ සැබෑ මුලකරුවන්, ගෙන්වන අය, වෙළඳාම් කරන අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ කිසි කෙනෙක්ට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා කියන්නේ නැහැ. ​හැබැයි ආණ්ඩුව අත්අඩංගුවට ගැනීම සහ රිමාන්ඩ් කිරීම නම් විකල්පය විදිහට දකින්නේ, ඒ කාරණය සාර්ථක වෙන්නේ නැහැ කියන එකත් ආණ්ඩුව තේරුම් ගත යුතුයි කියන එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මතක් කරන්න ඕනේ.
මොකද මේ අත්අඩංගුවට ගන්නේ බහුතරයක් ඇබ්බැහිවූ අය. ඒ අය පුනරුත්ථාපනය කිරීමයි කරන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ අගමැති විදිහට ඉන්න කාලේ, පුනරුත්ථාපන මධ්‍යස්ථානය හදන්න අවශ්‍ය ඉඩම් ගත්තා. දැන් යම්කිසි හේතුවකින් නිසා ආණ්ඩුව මාරු වුනහම මේ ආණ්ඩුව තීන්දු කළා මේ පුනරුත්ථාපනය කරනවා වෙනුවට, හැමදාම අත්අඩංගුවට අරගෙන නිව්ස් එකේ දාන එක තමයි කළ යුත්තේ කියලා.
​අනේ ඉතින් පොලිස් මහත්තුරුත් මොකද කරන්නේ? ආණ්ඩුවේ ටාගට් එක දෙන්න ඕන හින්දා ගමේ ඉන්න කෙනා ගන්නවා, 54 ගහනවා දානවා. බන්ධනාගාර පිරෙනවා. අවසානයේ මොකක්ද වෙන්නේ? බන්ධනාගාර වල තදබදයකුත් ඇති වෙනවා. සමාජ විරෝධයකුත් ඇති වෙනවා, ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
​දැන් මේ බන්ධනාගාර ඇතුලේ තත්ත්වය බලන්න. මේවා නිකන් මිහිපිට අපායවල් වගේ. විස්සක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා. වැසිකිළි කැසිකිළි පහසුකම් නැහැ. දැඩි තදබදයක් තියෙනවා. ඒවා ගැන හොයන්නේ නැහැ.
​හැබැයි අවසානයේ මොකක්ද වෙන්නේ, ආණ්ඩුව තමන්ගේ නීතිය, තමන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්නන්න ගිහිල්ලා අහිංසක මිනිස්සුන්ව රිමාන්ඩ් කරනවා. දැන් ඒකට හොඳම උදාහරණය ඊයේ පොලිස්පතිවරයාට සිද්ධ වෙච්ච කාරණය. මේ ළමයෙක් ගෙනිහිල්ලා 54 ගහලා දැම්මා කියලා මේක විසඳෙන්නේ නැහැ.  
 ​දැන් ඉතින් මේ ග්‍රෑම් 10, 100 කරානේ. දැන් ඉතින් හෙට ඉඳන් පොලිසිය, ඔබතුමාලාගේ පොලිස්පතිවරයාට කරුණා කරලා කියන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හෙට ඉඳන් අල්ලන අයට ග්‍රෑම් 101ක් දාන්න එපා කියලා. 101ක් දාන්න ඇයි කියන්න ග්‍රෑම්. දැන් 10 වුණාම 11ක් දානවා, 100 වුණාම 101ක් දානවා.
අවසානයේ මොකක්ද වෙන්නේ? අර අර න්‍යාය පත්‍රයම ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ හින්දා මේ බන්ධනාගාර ගත කිරීම, රිමාන්ඩ් කිරීම කියන එක මේ ආණ්ඩුව ලබපු මහා ලොකු ජයග්‍රහණයක් විදිහට දකින්න එපා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. ​ඒ සඳහා පුනරුත්ථාපනය කරලා නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි එක පැත්තකින් ඔබතුමන්ලා බන්ධනාගාර පුරවනවා. හැබැයි අනිත් පැත්තේ නිලධාරීන්ගේ පැත්තෙන් අද දැවැන්ත හිඟයක් තියෙනවා බන්ධනාගාර නිලධාරීන්ගේ...