සුදු කෙස් නිසා ඇත්තටම සිත් තැවුලෙන් ද හිටියේ?. සුදු කෙස් විනාඩි 5න් නැති කරන විශ්මිත දේශීය සත්කාරය ගැන ඇහුවොත් ඔබ පුදුම වේවී...
හිසකෙස් සුදු වෙන්න හේතු වන්නේ හිසකෙස්වල මෙලනින් වර්ණකය නිපදවන සෛල, එම වර්ණක නිපදවීමට අසමත් වීම හේතුවෙන් ය.
වයස්ගත වීමත් සමඟ මේ ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයක් වුණාට, අකලට හිසකෙස් පැසෙන්න ගන්න එකට හේතු කීපයක්ම බලපායි.
දැනටමත් වැඩී ඇති හිස කෙස් සුදු වෙන්නෙ නෑ. අලුතින් වැඩෙන හිසකෙස් වලට වර්ණක අඩුවෙන් සැපයීම හෝ වර්ණක නිපදවීම සිදු නොවීමෙන් තමයි හිසකෙස් සුදු වන්නේ.
මේ සඳහා ජානමය බලපෑමකුත් බලපාන අතර අවුරුදු පහළොව දාසය වගේ වයස්වල තරුණ තරුණියන්ගේ පවා අකලට ඉදුණු හිසකෙස් දකින්න පුලුවන්.
බොහෝ විට මේ තත්ත්වයට හේතුව වන්නේ ජානමය බලපෑමක් විය හැකි අතර මීට අමතරව තවත් හේතු තිබිය හැකිය.
අද අපි කියන්නේ ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් සුදු කෙස් කළු කර ගන්න පුලුවන් විශ්මිත වට්ටෝරුවක් ගැන.
මෙමගින් සුදුකෙස් ස්වභාවිකවම කළු කරගන්න පුළුවන් වෙනවා මෙන්ම කෙස් වර්ධනයත් වේගවත් කරගන්න පුළුවන.
අවශ්‍ය ද්‍රව්‍ය;
රතු ලූණු ගෙඩි 5ක්
සුදුළුණු බිකි 10ක්
ලොකුළුණු ගෙඩියක්
පොල්තෙල් මිලිලීටර් 300 – 400
ඉහත සඳහන් කළ ද්‍රව්‍ය සියල්ල හොදින් මිශ්‍ර කර ගන්න.පසුව එයට පොල්තෙල් එක් කරගන්න.එම මිශ්‍රණය මිනිත්තු කිහිපයක් රත් වෙන්න තබන්න.
එය කළු පැහැයට හැරෙන විට ලිපෙන් බා ගෙන නිවුණු පසු බෝතලයකට දා ගන්න.
ඉන් පසුව ඔබේ හිසකෙස් හා හිස්කබල මත මිශ්‍රණය මෘදුව සම්බාහනය කරන්න.
විනාඩි 30ක් පමණ තබා හොදින් සෝදා හරින්න.
මෙමගින් ඔබේ හිස කෙස් ස්වභාවිකවම කළු කරගන්න වගේම වර්ධනය කරගන්නත් ප්‍රයෝජනවත් වේවි.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකී.