තරුණියන් මත්ද්‍රව්‍ය වලට හුරු කරන අලුත්ම තැන හෙළිවෙයි

Kurunegala Sri Lanka
By Sewvandhi Oct 29, 2022 10:20 AM GMT
Report

තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවීම සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ නියාමන කොමිෂන් සභාවේ සහකාර මාර්ගෝපදේශක ලක්මී නිලංකා විශේෂ අනාවරණයක් සිදුකළාය.

ඒ අනුව ඇය පෙන්වා දෙන්නේ මේ වනවිට ප‍්‍රථිකාර ලබන බොහෝ පාසල් වයසේ පසුවන දැරියන් සහ තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය සඳහා හුරුවී ඇත්තේ රූපලාවන්‍යාගාරවලින් බවය. 

 සංඛ්‍යා ලේඛන අනුව වැඩිම අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සිදුවන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ බවත් ඇය හෙළි කළාය.

පාසල් ශිෂ්‍ය ප‍්‍රජාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වළක්වාලීම සඳහා කුලියාපිටිය සුරාබදු ස්ථානය මගින් සංවිධානය කරතිබූ වැඩසටහනකදී ඇය ඒ බව සඳහන් කළාය.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,    

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now