අමනාපවී ගෙදරින් පළාගිය දරුවා අවසානයේ හමු වූ තැන. - (PHOTOS)

Sri Lanka Police Missing Persons Buddhism
By Wayomi May 23, 2024 11:05 AM GMT
Report

මීට දින හතරකට පමණ ඉහතදී මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගෙන තිබෙනවා.

මෙම දරුවගේ මව මීට මාස කීපයකට ඉහතදී විදේශගත වී ඇති අතර ආච්චි අම්මා සහ පියා භාරයේ නිවසේ පසුවන ඔහු නිවසේ රූපවාහිනීය නරඹමින් සිටියදී ආච්චිඅම්මා සමඟ උරණ වී නිවසින් පිටවගොස් තිබුනා.

අමනාපවී ගෙදරින් පළාගිය දරුවා අවසානයේ හමු වූ තැන. - (PHOTOS) | Where The Runaway Child Is Finally Found

මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්‍රී හිමියන්ට භාරදී ඇත.

පසුව ඔහු මහණ වීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 දා මදුරන් කුලියේ සුබෝධිනමින් මහණ කල බව එම විහාරවාසී ගලෙන් බිඳුනු වැව අනුරුද්ධ මෛත්‍රී හිමියෝ පැවසූහ.

අමනාපවී ගෙදරින් පළාගිය දරුවා අවසානයේ හමු වූ තැන. - (PHOTOS) | Where The Runaway Child Is Finally Found

කෙසේ වෙතත් කතරගම පොලීසිය ලබාදුන් තොරතුරු මත මදුරන්කුලිය පොලීසිය විසින් මෙම දරුවා මහණ කිරීමට භාර දුන් බව කියන භික්ෂුව අත්අඩංගුවවට ගැනීමට කටයුතු කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරනවා. 

රන් මිලෙහි පහළ යෑමක්. - නව මිල ගණන් මෙන්න.

රන් මිලෙහි පහළ යෑමක්. - නව මිල ගණන් මෙන්න.


...................................................................

May you Like