ලංකාවම හඩවමින් කිඹුලකු ඩැහැගෙන ගිය පුංචි දිස්නගේ නිසල සිරුර අවාසනාවන්ත ලෙස සොයාගනී... සිරුර හමූවූ තැන..
Police spokesman
Sri Lanka Army
Sri Lanka Police
Accident
Death
By Sithumi
කැලණි ගඟේ දිය නෑමට ගොස් සිටියදී කිඹුලෙකුට ගොදුරුවූ දරුවාගේ සිරුර පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ දරුවා සොයා පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදා කිමිඳුම් නිලධාරීන් ආරම්භ කළ මෙහෙයුමේදී අද පස්වරුවේ එම දරුවාගේ සිරුර දරුවා කිඹුලාට ගොදුරු වූ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ ගඟ පහළින් තිබී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
සොයාගත් සිරුර කොළඹ අධිකරණ වෛද්යනිලධාරී වෙත යොමුකිරීමෙන් අනතුර හෙට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචි දිස්න ප්රබෝද් නම් 09 හැවිරිදි දරුවෙකු මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී තිබුණා.