සා. පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සහ උසස් පෙළ ගැන අධ්‍යපන ඇමතිගෙන් ප්‍රකාශයක්.
A D Susil Premajayantha
Department of Examinations Sri Lanka
G.C.E. (O/L) Examination
Education
By Wayomi
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.
ඒ, අද (21) අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ, අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇති බවත්, පසුගිය උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වූයේ උත්තර පත්‍ර පරීක්ෂාව මාස තුනක් ප්‍රමාදවූ නිසා බවත්ය.
එමෙන්ම ඔහු තව දුරටත් කියා සිටියේ, විභාග කල් යෑම නිසා දරුවන් වයස්ගත වන බවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පරීක්ෂණ දීමනාව ගැන ධනාත්මක වැඩපිළිවෙළක් සැලසුම් කරගෙන යන බවයි.
මීට අමතරව දරුවන් ලක්ෂ අටකට සපත්තු ලබන වසරේ ලබාදීමට කටයුතු කරන බවත්, ප්‍රාථමික පන්ති සියල්ලටම ලබන අවුරුද්දේ දිවා ආහාරය ලබා දීමට සැලසුම් කර අත්ජි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.