WhatsApp භාවිතා කරන අයට අලුත්ම Option එකක්..දැන්ම Update කරල බලන්න.
අනිත් අයට කියන්න බැරි තමන්ටම විතරක් කියන්න පුළුවන් පණිවුඩ කොච්චරක්නම් තියෙනවද නේද?
අනිත් අයට යවන්න බැරි තමන්ටම යවන්න තිබුණ නම් හොඳයි කියලා හිතුන පණිඩුඩ කොයිතරම් තියෙනවද නේද?
ඉතින් අන්න එහෙම හිතපු අයට WhatsApp වෙතින් අලුත් ඔප්ෂන් එකක් හ¾දුන්වාදී තිබෙනවා.
තමන්ටම පණිවුඩ යවන්න ඕන අයට විතරක් නෙමෙයි අත්‍යවශ්‍ය link එකක් ඵචමඥ කරගන්න එහෙමත් මේක භාවිත කළ හැකි වෙනවා.
මොකද අපි සාමාන්‍යයෙන් අපේ ලිස්ට් එකේ තියෙන වෙනත් WhatsApp ගිණුමක් වෙත එම සටහන තැබීම සිදු කිරීම තමයි ලින්ක් එකක් එහෙම සේව් කරගන්න ඕන වුණාම සාමාන්‍යයෙන් සිදුකරන්නේ.
නැතිනම් වෙනත් Notes සහ Links සටහන් කර තබාගත හැකි යෙදවුම් භාවිත කිරීම තමයි සිදුකරන්නේ.
කෙසේ වෙතත් මෙවැනි ක්‍රම භාවිත කිරීම තරමක් අපහසු නිසා WhatsApp විසින් හ¾දුන්වාදෙන තමන්ටම පණිවුඩ යැවිය හැකි මෙම ක්‍රමය වැදගත් වෙනවා.
මෙම අලුත් ෆීචර් එක Messaging Yourself යනුවෙන් ඔවුන් හ¾දුන්වාදෙන අතර එමඟින් පරිශීලකයාට අවශ්‍ය සියලුම සටහන් සහ වෙනත් Links සියල්ලම සටහන් කිරීම සිදු කිරීමට අවස්ථාව උදාවෙනවා.
මෙම පහසුකම යටතේ WhatsApp තුළ ඔබගේම ගිණුම “Me (You)” ලෙස සඳහන් වන අතර එම ගිණුම වෙත පරිශීලකයා හට තම සටහන් තැබීමට හැකියාව උදාවෙනවා.
මෙම පහසුකම WhatsApp හි 22.23.0.70 යාවත්කාලීන කිරීම ඔස්සේ මෙම ඔප්ෂන් එක ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන්ට ලබාගත හැකියි.
iOS පරිශීලකයන් සඳහා 2.22.24.2 යාවත්කාලීන කිරීම ඔස්සේ මෙය ලබාගැනීමේ හැකියාව පවතී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |