WhatsApp හරහා වීඩියෝ පොටෝ හුවමාරු කරන අයට විශේෂ පණිවිඩයක්..Screenshots සහ Screen Recording කරල ඉවරයි..

Sri Lanka WhatsApp Smart Phones
By Aruna Oct 22, 2022 01:08 AM GMT
Report

අප විසින් එදිනෙදා භාවිත කරන සමාජ මාධ්‍ය මෙවලමක් වන WhatsApp මඟින් අප විසින් සන්නිවේදනයන්ට අමතරව අනෙකුත් වැදගත් කාර්යයන් ගණනාවක් සිදුකරනු ලබනවා.

කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍ය ජාලාවල පවතින පෞද්ගලිකත්ව ගැටලුව මීට වසර ගණනාවකට පෙර සිටම ඉස්මතු වූ කාරණාවක් ලෙස දක්වන්න පුළුවන්.

විශේෂයෙන්ම ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා පෞද්ගලිකව හුවමාරු කිරීම හෝ ඉතා වැදගත් වන එවැනි මාධ්‍ය හුවමාරු කරගැනීම සුලභව සිදුවන වාතාවරණයක පසුගිය කාලයේදී Whatsapp විසින් සිය පරිශීලකයන් වෙතට “View Once” නම් නව Feature එකක් හඳුන්වා දෙනු ලැබුවා.

මෙයින් සිදු කරන්නේ තවකෙකුට යවන ලද ඡායාරූපයක් හෝ වීඩියෝවක් View Once යටතේ යවනු ලැබූ විට එය එක් වරක් පමණක් විවෘත කර බැලීමට ඇති හැකියාව උදා කිරීම.

කෙසේ වෙතත් මෙම Feature යටතේ වුවද පණිවුඩය ලබන්නා හට එම මාධ්‍යයේ Screenshot එකක් හෝ Screen recording එකක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

මෙය යම්තාක් දුරට පෞද්ගලිකත්වය හා සම්බන්ධ කරුණක් වන බැවින් පරිශීලකයාගේ දත්තවල සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අභිලාෂයෙන් පසුගිය අගෝස්තු මසදී WhatsApp නිවේදනය කරනු ලැබුවේ තම සමාජ මාධ්‍ය තුළ එම ක්‍රියාවලිය සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන බවත් එම ක්‍රියාවලිය යටතේ View Once පණිවුඩ සඳහා Screenshots සහ Screen Recording ලබාගැනීමට ඇති හැකියාව වළකා දමන බවත්.

මෙලෙස ලබාදීමට අදහස් කරන Feature එක Android Beta Version එකක් ලෙස මෙන්ම iOS Beta Version එකක් හරහාද ලබාදීමට තීරණය කර තිබෙන අතර මෙම Feature එක ඉදිරියේදී නිල වශයෙන් WhatsApp සඳහා ලබාදීමට සූදානම් වන බව සඳහන් වෙනවා.

මෙම පහසුකම ඔස්සේ පණිවුඩය ලබන්නා හට View Once ආකාරයේ පණිවුඩයක අන්තර්ගත වන කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් කිසිදු ආකාරයකින් පටිගත කිරීමකට හෝ නැවත Screenshots ආධාරයෙන් ලබාගත නොහැකි වෙනවා.

කෙසේ වෙතත් වෙනත් උපාංගයක් මඟින් ඡායාරූපගත කරගත හැකිවන නමුදු මෙම විශේෂාංගය මඟින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය මෙන්ම රහස්‍යභාවය ආරක්ෂා වන බවට අපට නිරීක්ෂණය කළ හැකියි.

කෙසේ වෙතත් මෙම පහසුකම තවමත් ස්ථිරවම WhatsApp සඳහා ලබාදී නැති අතර තවමත් Android සහ iOS පරිශීලකයන් තුළ පරීක්ෂණ මට්ටමේ පවතිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now