WhatsApp හදුන්වා දෙන අලුත් විශේෂාංගය - නවතම යාවත්කාලීන කිරීමෙන් ලබාගත හැක..
WhatsApp
By krishani
WhatsApp විසින් Android සහ iOS මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන් සදහා නව විශේෂාංගයක් එළිදක්වා ඇත.
ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම යටතේ WhatsApp පරිශීලකයන්ට ඡන්ද විමසීමක් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතියි.
ඒ සම්බන්ධයෙන් WhatsApp සමාගම සිය නිල Twitter ගිණුම හරහා නිවේදනය කර ඇත.
මෙම ඡන්ද විමසීම තනි පුද්ගල වශයෙන් හා කණ්ඩායම් වශයෙන් එක් කළ හැකි අතර උපකල්පන අවස්ථා 12ක් දක්වා එම ඡන්ද විමසීම සිදු කළ හැකිය.
එම විකල්ප අවස්ථා 12ට අමතරව විකල්පයක් ඇතුළත් කිරීමට උත්සහ කළහොත් ඊට ඉඩ ලැබෙන්නේ නැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |