WhatsApp මෙන් Instagram සම්බන්ධයෙන් කරපු දේ..වයස 13 සිට 17 දක්වා ප්‍රශ්නයක් වෙයි..

WhatsApp Sri Lanka Social Media Instagram
By Aruna Sep 08, 2022 04:48 AM GMT
Report

දත්ත කඩ කිරීම සම්බන්ධයෙන් අයර්ලන්ත නියාමකයින් Instagram වෙත යුරෝ මිලියන 405 ක දඩයක් පනවා තිබෙනවා.

ඒ ළමයින්ගේ ඊමේල් ලිපින සහ දුරකථන අංක ඇතුළුව ළමයින්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් Instagram වෙත එල්ල වුනු චෝදනා නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වයස අවුරුදු 13 සහ 17 අතර පරිශීලකයින්ගේ ඊමේල් ලිපින සහ දුරකථන අංක ඇතුළු පුද්ගලික තොරතුරු Instagram විසින් රඳවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අයර්ලන්ත බලධාරීන් විමර්ශනය කර තිබුනා.

Instagram සමාජ මාධ්‍ය තුල ගිණුමක් විවෘත කිරීමට අවම වශයෙන් වයස අවුරුදු 13 ක් විය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

DPC අයර්ලන්ත ජනරජයේ යුරෝපීය මූලස්ථානය විසින් Meta සමාගමට ලබා දුන් තුන්වන දඩය මෙය වන අතර පසුගිය වසරේ WhatsApp හට වෙනත් Meta සමාගම් සමඟ මිනිසුන්ගේ දත්ත හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් විනිවිද භාවය පිළිබඳ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් යුරෝ මිලියන 225 ක දඩයක් නියම වී තිබුනා.

කෙසේවෙතත් මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි Meta ආයතනය පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now