වසර 17 ක් පැරණි බදු නිතියට රජයෙන් කරන්න යන දේ මෙන්න. - කැබිනෙට්ටුවටත් දායි.
පැරණි බදු නිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.
ඒ, රජයට රුපියල් කෝටි 1600 ක බදු අදායමක් අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතියයි.
මේ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි සිට ඉවත් කරන බවත්, ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන බද්ද වඩාත් විනිවිදභාවයෙන් යුත් ස්ථිර බදු වර්ගයක් වියයුතු බවත් ඔහු පේනවා දෙනවා.
ආනයනික ආහාර ද්‍රව්‍ය සඳහා පනවා තිබූ රේගු සහ වැට් බද්ද ඇතුළු තීරුබදු කිහිපයක් වෙනුවට ආදේශකයක් ලෙස 2007 වසරේදී විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හඳුන්වා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම රජය දේශීය වෙළඳපොළේ මිල පහළ දැමීමේ අරමුණින් සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහළ දැමීමට 2021 වසරේ ගත් තීරණය සීනි බදු වංචාවට හේතු වූ බවත් එලෙස බද්ද පහළ දැමුවත් වෙළඳපොලේ සීනි මිල පහළ නොගිය බවත් එහිදී ඔහු අවධාරණය කළා.